නොත්‍රදාම් දෙව්මැදුරේ මී මැස්සෝ හොඳින්



ගින්නෙන් වැනැසුණු නොත්‍රදාම් දෙව්මැදුරේ වහලයේ මී මැසි ගොවිපොලක් තිබුණු බවත්, එම ගොවිපොලේ මී මැස්සන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් පැවැසෙයි.

මී මැස්සන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක්, මේ මී මැසි ගොවිපොලේ සිටි බව පැවැසෙයි. මී මැස්සන් දෙව්මැදුරට ගෙනාවේත් මී මැසි ගොවිපොල පවත්වාගෙන යන්නේත් දෙව්මැදුරේ කාදිනල්වරයාය. ඒ, 2013 වසරේ සිටය.

මී මැසි ගොවිපොල ඇත්තේ මීටර් 30 ක් ඉහළින් වහලේය. මුළු වහලයම පාහේ ගින්නට හසුවීමෙන් කඩා වැටුණු අතර, මී මැස්සන් සිටි තැන විනාශ වී නැත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS