නේපාලයට බංග්ලාදේශයට උතුරු ඉන්දියාවට මහ වැසි



නේපාලයට බංග්ලාදේශයට සහ උතුරු ඉන්දයාවේ පළාත් රැසකට මෝසම් වැසි ඇද හැලෙමින් පවතින බවත්, හටගත් ජල ගැලීම් හේතුවෙන්, සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

නේපාලයේ පමණක් මියගිය ගණන 52 කි. ඊට අමතරව නායයෑම් හේතුවෙන් 29 දෙනෙකු අතුරුදන් බව ද පැවැසෙයි. ගම්මාන කීපයක් මුළුමනින්ම නායයෑමට ලක් වී ඇති බව නේපාල රජය කියයි.

බංග්ලාදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුර පිහිටි ප්‍රදේශය ද ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර ගංගාව පිටාර ගලා ගම්මාන 1,800 ක් ජලයෙන් යටවී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS