නවාස් ෂරීෆ්ගේ බිරියට ජය



පාකිස්තානයේ  පැවැති අතුරු මැතිවරණයෙන් එරට හිටපු අගමැතිවරයකු වන නවාස් ෂරීෆ්ගේ බිරිය කල්සුමා ෂරීෆ් ජයග්‍රහණය කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

කල්සුමා ෂරීෆ් එම අතුරු මැතිවරණයට ඉදිරිපත් වූයේ නවාස් ෂරීෆ්ගේ ලාහෝර් ආසනය නියෝජනය කරමිනි.

අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලැබ, අගමැති ධුරයට සුදුසු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ නවාස් ෂරීෆ් ධුරයෙන් සමුගත්තේ මීට මාස කිහිපයකට පෙරය.

ඒ අනුව, ඔහුගේ පාර්ලිමේන්තු අසුන ද හිස් විය. නවාස් ෂරීෆ් නියෝජනය කරන පාකිස්තාන ජනතා පක්ෂය පවසා තිබුණේ පක්ෂයේ බහුතර කැමැත්ත අනුව, කල්සුමා එම අසුන වෙනුවෙන් ඉදිරිපත් වූ බවත්, ඇය ජයග්‍රහණය කළ බවය.

ලැබූ මෙම ජයග්‍රහණයෙන් පෙනී යන්නේ කල්සුමා ෂරීෆ් ජනතා ප්‍රසාදය දිනාගෙන ඇති බව යැයි ද පාකිස්තාන ජනතා පක්ෂය වැඩි දුරටත් පවසා ඇත. කල්සුමා ෂරීෆ් උගුරේ පිළිකාවකින් පීඩා විදින අතර ඇය විටින් විට ලන්ඩන් නුවරට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS