නව රටවල් 18 ක්



එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබේ.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඉකුත් සති අන්තෙය් පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව මෙම නව රාජ්‍යන් 18 ට වසර තුන බැගින් වූ ධූර කාල දෙකක් හිමි වනු ඇති.

කෙසේ වෙතත් හියුමන් රයිට් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, නව සාමාජිකත්වය ලැබු ඇතැම් රටවල් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.

පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් වැනි රාජ්‍යන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට පත්වීම පිළිබඳව එම විරෝධය එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් ආශ්‍රිතව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණයවීමේ සිදුවිම් වාර්තාවීම හමුවේ මෙලෙස විරෝධය එල්ල වී ඇති බවයි.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස්.


RECOMMEND POSTS