නයිජීරියාවේ පාසල් දැරියන් නිදහස්



ඉස්ලාමීය සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ නයිජීරියා පාසල් දැරියන් 317 දෙනා නිදහස් කර ඇතැයි එරට මාධ්‍ය ඊයේ (2) වාර්තා කළේය.

සම්ෆාරා නමැති පළාතේ, ජංගේබේ නමැති ගම්මානයේ, පාසල් නේවාසිකාගාරයේ සිටි මෙම දැරියන් පැහැර ගැනීම සිදුවූයේ පසුගිය 26 වැනිදාය.

දැරියන් නිදහස් කිරීම සිදුවූයේ රජය සහ සටන්කාමීන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමෙනි. දැරියන් මුදා හැරීමට, කිසිදු කප්පම් මුදලක් ලබා නොදුන් බව නයිජීරියා රජය අවධාරණය කර ඇත.

ජන්ගේබේහිදීය (රොයිටර්)


RECOMMEND POSTS