නයිජීරියාවේ කොරෝනා 30,000 පනී



අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවෙන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 30,250 ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.

නයිජීරියාවෙන් වාර්තා වන කොරෝනා මරණ 684 කි. නයිජීරියාවේ මේ අයුරින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගත්තේ, වයිරසය පාලනය කිරීමට පැනැවූ තහංචි ලිහිල් කර රටේ දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීමට නයිජීරියා රජය පියවර ගැනීමෙන් පසුව යැයි ද පැවැසෙයි.

මාස ගණනක් නවතා දැමුණු නයිජීරියාවේ අභ්‍යන්තර ගුවන්ගමන් කටයුතු පසුගිය 8 වැනිදා සිට යළි ආරම්භ කිරීමට ද පියවර ගැණින. සෞඛ්‍ය අංශ නයිජීරියාවට අවධාරණය කර ඇත්තේ වයිරසයෙන් බේරීමට නම්, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවය.

අබූජාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS