දින 30 ක් පුරා මහජන ගෞරව



අභාවප්‍රාප්ත වූ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ දේහය මේ වනවිට සිංගප්පූරුවේ සිට සිම්බාබ්වේ රාජ්‍යය බලා රැගෙනවිත් ඇති බවත් දේහයට අවසන් ගෞරව දැක්වීමට දින 30 ක කාලයක් සිම්බාබ්වේ වැසියන්ට ලැබෙනු ඇති බවත් වාර්තා වේ.

මුගාබේගේ අවසන් කැමැත්තට අනුව, දේහය මුගාබේගේ උපන් නගරයේ භූමදානය කිරීමට සූදානම් වුවත්, වත්මන් ජනාධිපති එමර්සන් මුනගැග්වාගේ බලවත් ඉල්ලීම මත රාජ්‍ය ගෞරව මැද ‘සිම්බාබ්වේ විරුවන් වෙනුවෙන් වෙන් කළ සුසාන භූමියේ’ දේහය භූමදානය කරනු ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS