දැවැන්ත මෙහෙයුමක්



ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීන්ගේ බලකොටුව ලෙස සැලකෙන ඝාසානී නගරය මුදා ගැනීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

හටගත් දරුණු ගැටුම් හේතුවෙන් ඇෆ්ගන් හමුදා සොල්දාදුවන් 104 දෙනකු සහ තලේබාන් ත්‍රස්තවාදීන් 95 දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා විය.

ඇෆ්ගන් රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය තලේබාන් ත්‍රස්තවාදීන් ගණන 95 ක් යැයි ද වාර්තා වේ. ත්‍රස්තයන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ නොසැලී ඉදිරියට යමින් කෙසේ හෝ ඝසානී නගරය මුදා ගන්නා බව ඇෆ්ගන් ආරක්ෂක ඇමැති තරීක් ෂා බහ්රාමී පවසා ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS