දකුණු සුඩානයේ මිලියන 7 කට කෑම නෑ



දකුණු සුඩානයේ මිලියන 7 කට වැඩි පිරිසක් ආහාර නොමැතිව පීඩාවට පත්ව සිටින බවත් එම ප්‍රමාණය රටේ ජනගහනයෙන් සියයට 60 ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි. මෙතරම් පිරිසක් කුසගින්නේ සිටින බව වාර්තාවීම සිදුවූයේ ඉතිහාසයේ පළමු වතාවට යැයි ද මාධ්‍ය සඳහන් කරයි.

දකුණු සුඩානය යනු සිවිල් යුද ගැටුම් හේතුවෙන් අස්ථාවර වූ රාජ්‍යයකි. වසර පහක් තිස්සේ පැවැති සිවිල් යුද්ධය මේ වනවිට අවසන් වී සාමය පැවැතියත්, හටගත් සිවිල් ගැටුමට පැහැදිලි විසඳුමක් ලැබී නැත. එහෙයින්, ජනතාව කුසගින්නෙන් පමණක් නොව, බියෙන් සහ සැකයෙන් ජීවත් වෙන බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS