දකුණු කොරියාවේ පාසල් යළි වැසෙයි



'කොවිඩ් 19' ආසාදිතයන් යළි පොකුරු වශයෙන් මතුවීමට පටන් ගැනීමත් සමඟ දකුණු කොරියාවේ පාසල් දින නියමයක් නොමැතිව යළි වසා දැමුණි.

ඉදිරියේ දී අන්තර් ජාලය භාවිත කරමින් 'ඔන්ලයින්' ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවදානය යොමු වී ඇතැයි පැවැසෙයි.

නව ආසාදිතයන් පොකුරු වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ සෝල් අගනුවරිනි. ඒ අනුව මහජන උද්‍යාන ඇතුළු ජනතාව ගැවසෙන ස්ථාන යළි වසා දැමීමට තීරණය කර තිබේ.

සෝල් අගනුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS