දකුණු අප්‍රිකාවට බයිඩන්ගෙන් තහංචි



දකුණු අප්‍රිකාවේ ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘති ප්‍රභේදයක් පැතිර යමින් පවතින බැවින්, ඇමෙරිකාවට පැමිණෙන දකුණු අප්‍රිකානුවන්ට සංචාරක තහංචි පැනැවීමට ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත.

ඊට අමතරව, ට්‍රම්ප් පරිපාලනය විසින් මහා  බ්‍රිතාන්‍යයට, බ්‍රසීලයට, අයර්ලන්තයට සහ යුරෝපා රටවල් රැසකට පනවා ඇති සංචාරක තහංචි දිගටම පවත්වාගෙන යෑමට ද බයිඩන් තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකන් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුවය.

තහංචි පැනවෙන්නේ එම රටවලින් පැමිණෙන ඇමෙරිකන් නොවන පුද්ගලයන්ට පමණි. එම රටවලින් පැමිණෙන ඇමෙරිකානුවන්ට, දින 14 ක නිරෝධායනයකට යටත් වීමට සිදුවනු ඇත.

දකුණු අප්‍රිකාවෙන් පමණක් නොව, මහා  බ්‍රිතාන්‍යයෙන් ද ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘති ප්‍රභේද හමුවී ඇත. හමුවුණු මෙම විකෘති ප්‍රභේද එකිනෙකට වෙනස් වන අතර මෙම ප්‍රභේද සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසය මෙන් නොව, ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි.

මහා බ්‍රිතාන්‍යයේ නව වයිරස ප්‍රභේදය ඇමෙරිකාවෙන් හමුවී ඇති නමුත් දකුණු අප්‍රිකාවේ වයිරස ප්‍රභේදය ඇමෙරිකාවෙන් හමුවී නැතැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS