තෙලිඟු දේසම් පක්ෂය මෝදිගෙන් ඉවත් වෙයි



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ’ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් එයින් ඉවත් වීමට තීරණය කර ඇත.

මෙසේ ඉවත් වීමට තීරණය කර ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ බලය අල්ලා ගෙන සිටින තෙලිඟු දේසම් පක්ෂයයි. තෙලිඟු දේසම් පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය අතර හවුල වසර ගණනාවක් තිස්සේ පැවැතිණි.

භාරතීය ජනතා පක්ෂය පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් ඔවුන් සතුව පවතින බැවින් තෙලිඟු දේසම් පක්ෂය ඉවත් වීම ලොකු බලපෑමක් එල්ල නොකරනු ඇති බවය.

තෙලිඟු දේසම් පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ හවුල්කරුවෙක් බවට පත් වූයේ 1998 වසරේදීය.

2004 වසරේ ආන්ද්‍රා ප්‍රාදේශ් ප්‍රාන්තයේ බලය ඔවුන්ට අහිමි වුණු අවස්ථාවේදී ද ඔවුන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයෙන් ඉවත් විය. යළි ඔවුන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානය සමඟ එක් වූයේ මෝදි අගමැති ධුරයට පත් වුණු මහ මැතිවරණයේදීය.

මෝදිගේ ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයට ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය අභියෝගයක් වන ළකුණු දිනෙන් දින පෙනී යන්නේ යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS