තායිලන්තය භූමි කම්පාවකින් කැලඹේ



තායිලන්තය සහ ලාඕසය භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙස සටහන් විය.

ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුනොවුණත්, තායිලන්ත වැසියෝ මහත් සේ බියට පත් වූහ. භූමි කම්පාව හටගත්තේ තායිලන්ත ලාඕස දේශසීමාවේය. ඒ, උදෑසන 6.50 ට පමණය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය කිලෝ මීටර් 700 ක් දුරින් බැංකොක් අගනුවරට පවා දැණුනු බව වාර්තා වේ. වියට්නාමයේ හැනොයි නුවර ද භූමි කම්පාවෙන් දෙදරා ගිය බව පැවැසිණි.

භූමි කම්පාව හටගත්තේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තායිලන්තයේ තෙදින නිල සංචාරයකට පැමිණ සිටින අවස්ථාවකදීය.

බැංකොක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS