ත්‍රස්ත ප්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණයක්



ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකීය කොමිසමක් හරහා පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසා ඇත.

නවසීලන්ත නීතියට අනුව, පැවැත්විය හැකි ඉහළම ස්වාධීන පරීක්ෂණය ලෙස සැලකෙන්නේ රාජකීය කොමිසම හරහා සිදු කරනු ලබන පරීක්ෂණය.

ප්‍රහාරය එල්ල වූයේ පසුගිය 15 වැනිදාය. ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් විරෝධී සුදු අන්තවාදියෙකි. ඕස්ටේ්‍රලියා ජාතික එම අන්තවාදියා වෙඩි තබා 50 දෙනකු මරා දැමීය. තවත් 40 කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පැවැසෙයි.

වෙලිංටන්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS