තලේබාන් ලොක්කා මියගිය බව තහවුරු නෑ



ඇමෙරිකා නියමුවන් ඩ්‍රෝන ප්‍රහාරයකින්, පාකිස්තාන තලේබාන් ත්‍රස්ත නායක මුල්ලා ෆසුල්ලා මියගියේ යැයි වාර්තා වුවත්, ඒ බව සහතික කිරීමට ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය අපොහොසත් වී ඇතැයි පාකිස්තාන රජය කියයි.

ඇමෙරිකා හමුදා, බුද්ධි අංශ තොරතුරු අනුව මුල්ලා ෆසුල්ලා ඉලක්ක කොට ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන පහර දීමක් කළේ ඔහු ඇෆ්ගනිස්තානයේ සිටිද්දීය.

තලේබාන් හිතවාදී ත්‍රස්තයකු 2012 වසරේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පදිංචිකාරියක වූ, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ පාකිස්තාන දැරිය මලාලා යූසෝෆ්සායිට වෙඩි තැබුවේ ද මුල්ලා ෆසුල්ලාගේ අණ පරිදිය.

2014 වසරේ පාකිස්තානයේ පෙෂාවෝර් නගරයේ සිදු කළ ප්‍රහාරය පසුපස සිටින්නේ ද මුල්ලා ෆසුල්ලාය. එම ප්‍රහාරයෙන් පාසල් දරුවෝ 130 ක් ජීවිතක්ෂයට පත්වූහ.

(රොයිටර්)


RECOMMEND POSTS