තලේබාන් ත්‍රස්තයන්ට රුසියාව ආයුද දෙනවා: ඇමෙරිකාව කියයි



තලේබාන් ත්‍රස්තවාදීන්ට ආයුද දෙනවැයි ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනා එල්ල වී ඇත.

මෙසේ චෝදනා කළේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සංචාරයකට පැමිණි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස්ය.

ජේම්ස් මැතිස් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ඊට ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා ආඥාපති ජෝන් නිකල්සන් ද සහභාගීවී සිටියේය.

ඇමෙරිකාවෙන් එල්ල වන මෙම චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

මීට පෙර ද ඇමෙරිකාවේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනකුම රුසියාවට මෙසේ චෝදනා කළ බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS