තරුණියට සාධාරණයක්



ලොලිසා ලෝපේස් සෝටෝ නමැති තරුණිය 2001 වසරේ දී, පැහැරගෙන, දූෂණය කොට, වධබන්ධනයන්ට ලක් කළේ යැයි වෙනිසුලා රජය වරදකරු ලෙස නම් කිරීමට අන්තර් ඇමෙරිකා මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අධිකරණය තීරණය කළේය.

අන්තර් ඇමෙරිකා මානව හිමිකම් සුරැකීමේ අධිකරණය වනු ලතින් ඇමෙරිකා කලාපීය රටවල මානව හිමිකම් කඩවීම්වලදී ඊට එරෙහිව පෙනී සිටින අධිකරණයයි.

2001 වසර වෙද්දී, 18 හැවිරිදි තරුණියක වූ ලොලිසා ලෝපේස් සෝටෝ පැහැරගෙන ගොස්, දූෂණය කර පසුව වධබන්ධනවලට ද ලක් කෙරුණි. ඇය බේරා ගැනීමට හැකිවූයේ මාස 3 කට පසුවය. ඒ වනවිට ඇය හඳුනා ගැනීමට පවා නොහැකි ලෙස විකෘති වී සිටියාය. ඇය කායික සහ මානසික ලෙස ප්‍රතිකර්ම රැසකට භාජන කෙරුණු අතර, සැත්කම් රැසක් ද සිදු කෙරුණි.

නීතිය හදාරා, තමන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන්, ඊට අදාල වරදකරුවන් සහ වෙනිසියුලා රජයට එරෙහිව නීතිමගින් පියවර ගැනීමට කටයුතු කළේ ද ලොලිසා ලෝපේස් සෝටෝ ය.
ලොව පුරා කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධාන සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන ලොලිසා ලෝපේස් සෝටෝ වෙනුවෙන් ඉදිරිපත් වී ඇය වෙනුවෙන් පෙනී සිටින්න විය.

ලොලිසා ලෝපේස් සෝටෝට සිදුවුණු අපරාධය සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවුණු බවත්, එවැනි අපරාධයක් සිදුවීම වැළැක්වීමට අපොහොසත් වුණු බවත්, එම අපරාධය සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්ෂණයක් සිදු නොවුණු බවත් පෙන්වා දෙමින් අන්තර් ඇමෙරිකා මානව හිමිකම් සුරැකීමේ අධිකරණය වෙනිසියුලා රජය වරදකරු ලෙස තීරණය කළේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS