ඩකා ගින්න ගැන පුළුල් පරීක්ෂණයක්



බංග්ලාදේශයේ ඩකා අගනුවර, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් රඳවා තැබෙන නිරෝධායන කඳවුරේ  හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භ වී ඇත.

පොලිස් පරීක්ෂණ පැවැත්වෙන්නේ ගිනි නිවන භටයන්ගේ ද සහාය ඇතිව යැයි පැවැසෙයි. එය කඩාකප්පල් ක්‍රියාවක් යැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පැවැසෙයි.

මෙම කඳවුර තාවකාලිකව ඉදිකළ එකකි. ගින්නට පස් දෙනෙක් බිලි වූහ. එම පස් දෙනා 'කොවිඩ් 19' ආසාදිතයන් බව ද තහවුරු විය. කඳවුර ඉදි කර තිබුණේ ගුල්ෂාන් පළාතේ 'යුනයිටඩ් හොස්පිටල්' රෝහල අසලය.

ඩකා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS