ටින්ටින් සිතුවමක් වෙන්දේසියේ



චිත්‍රකතා වීරයා ටින්ටින්ගේත් ඔහුගේ හිතවතා ස්නෝවි නමැති බලු සුරතලාගේත් දුර්ලභ සිතුවමක් ඇමෙරිකන් ඩොලර් 5,00,000 කට අලෙවි වී ඇතැයි ප්‍රංශයෙන් වාර්තා වේ.

සිතුවම වෙන්දේසිය කෙරුණේ ප්‍රංශයේ පැරිස් නුවරදීය. මෙම සිතුවම ටින්ටින් නිර්මාතෘ බෙල්ජියම් ජාතික චිත්‍රශිල්පී හර්ජ් විසින් ‘ඉන්දියන් තීන්ත’ යොදා ගනිමින් සිතුවම් කරන ලද්දක් බව පැවැසෙයි.

චිත්‍රකතා චරිත අතරින් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයක් ලබා ඇත්තේ ටින්ටින්ගේ වික්‍රමය. ටින්ටින් චිත්‍රකතා භාෂා 90 කට පරිවර්තනය වී තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS