ට්‍රම්ප්ගේ වැටුප ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ වැටුපෙන් ඇමෙරිකන් ඩොලර් 1,00,000 ක මුදලක් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කර ඇත.

ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු ජනපති ධුරයට පත්වුණු අවස්ථාවේදී ද කියා සිටියේ, ජනපති වැටුප හෝ ලැබෙන දීමනා කිසිවක් ලබා නොගන්නා බවය. මීට පෙර ට්‍රම්ප් ඔහුගේ වැටුප පුණ්‍ය ආයතන වෙත පිරිනමා ඇතැයි ද පැවැසෙයි.

සම්පූර්ණ වැටුප ලබා නොගත්තත් නීතියට අනුව, වැටුප් ලෙස ට්‍රම්ප් එක් ඇමෙරිකන් ඩොලරයක් ලබා ගැනීම කළ යුතුවෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 4,00,000 කි.

ස්වදේශ (හෝම්ලෑන්ඞ්) ආරක්ෂක දෙපාර්මේන්තුවට ඩොලර් 1,00,000 ක මුදල චෙක් පතකින් පරිත්‍යාග කරමින්, එම චෙක් පතේ ඡායාරූපයක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇති බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS