ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමත් අත්හිටුවයි



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම දිගටම අත්හිටුවීමට තමන් පියනර ගන්නා බව 'ට්විටර්' සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ට්‍රම්ප්, සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කරන අදහස් හේතුවෙන් ඇමෙරිකානුවන් කුපිතවීම සහ දේශපාලනික මෙන්ම සමාජයීය අර්බුද රැසක් නිර්මාණය වන බැවින් මෙම තීරණය ගත් බව ට්විටර් සමාගම පවසා ඇත.

පසුගිය 6 වැනි දා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී, කොංග්‍රස් මණ්ඩලයට බාධා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදී විරෝධතාකරුවන්ය.

මේ අතර ද්වේශ සහගත ප්‍රකාශ සිදුකර කරමින් ඇමෙරිකානුවන් නොමඟ යවනවා යැයි පෙන්වා දෙමින් ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම ද තහනම් කර දැමීමට ෆේස්බුක් සමාගම පසුගිය දා පියවර ගත්තේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS