ට්‍රම්ප්ගෙන් භෝජන සංග්‍රහයක්



සිය පළමු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමට නිව්යෝක් නුවරට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සමුළුවට සහභාගීවීමට පැමිණි ලතින් ඇමෙරිකා නායකයන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

ජගත් මහ සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන්ගෙන් බොහෝ දෙනකු නවාතැන් ගන්නේ නිව්යෝක් නුවර පැලස් හෝටලයේය. රාත්‍රී භෝජන සංග්‍රහය ද පැලස් හෝටලයේ දී සිදුවිය.

ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී ජෝන් කෙලී සහ ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්න් ද රාත්‍රී භෝජන සංග්‍රයට එක් වී සිටියහ.
එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුව සඳහා නිව්යෝක් නුවරට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ ද හමුවක් පැලස් හෝටලයේදී පැවැත්විණි.

එහිදී ඇමෙරිකාව සහ ප්‍රංශ අතර ද්වී පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් නොව, ප්‍රංශ කාලගුණ සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ට්‍රම්ප් මෙන්ම ප්‍රංශ ජනාධිපති ලෙස මැක්රොන් ද ජගත් මහ සමුළුවට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS