ට්‍රම්ප් විවේචනය කරලා



බාලිකා අධ්‍යාපනය සම්බන්ධයෙන් බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර විශේෂ දේශනයකට එක් වුණු නොබෙල් සාම ත්‍යාගලාභිනී මලාලා යූසොෆ්සායි, ට්‍රම්ප් විසින් හඳුන්වා දෙනු ලැබූ නව සංක්‍රමණික නීති විවේචනය කළාය.

ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වාදී ක්‍රියාත්මක කරන එම නව සංක්‍රමණික නීති හේතුවෙන්, නව සංක්‍රමණික නීති හේතුවෙන් දෙමාපියන්ගෙන් වෙන්වුණු දරුදැරියන් ගණන 2,300 කි.

විවිධ දුෂ්කරතා මැද ඇමෙරිකාවට පැමිණ සිටින බොහොමයක් අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගෙන නොමැති අතර, ඇමෙරිකාවේ දී ඔවුන්ට උපන් දරු දැරියන්ට ඇමෙරිකන් පුරවැසිභාවය ලැබී තිබේ.නව සංක්‍රමණික නීති හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් බොහෝ අනවසර සංක්‍රමණිකයන්, අසල්වැසි මෙක්සිකෝ වැසියන් බව පැවැසෙයි.

දරුදැරියන් මාපියන්ගෙන් වෙන් කිරීම කුරිරු ක්‍රියාවක් බවත් අමානුෂික ක්‍රියාවක් බවත් මලාලා යූසොෆ්සායි පෙන්වා දී ඇත. එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඇය වැඩි දුරටත් පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පාකිස්තානයේ උපත ලැබූ මලාලා යූසොෆ්සායි බ්‍රිතාන්‍ය පුරවැසියෙකි.

ක්‍රියාත්මක කරන දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මීට පෙර අවස්ථා ගණනාවකදී අවධාරණය කළේ, ඇමෙරිකාව සංක්‍රමණික කඳවුරක් නොවන බවත්, එසේ වීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බවත්ය. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් පමණක් නොව, ඇමෙරිකා වැසියන්ගෙන් පවා දැඩි විරෝධයක් එල්ල විය.

(රොයිටර්)


RECOMMEND POSTS