ට්‍රම්ප් රැළියේදී බී.බී.සී. කැමරාකරුට පහරදීලා



ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ එල් පාසෝ හි පැවැති ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජන රැළියේ දී බ්‍රිතාන්‍යයේ බී.බී.සී. පුවත් නාළිකාවේ කැමරා ශිල්පී රොන් ස්කීන්ස් ප්‍රහාරයක් එල්ල වී ඇත.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වමින් රැළියට පැමිණි පුද්ගලයෙකි. එම පුද්ගලයා ප්‍රහාරය කැමරා ශිල්පී රොන් ස්කීන්ස්ට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස බී.බී.සී. පුවත් නාළිකාව ධවල මන්දිරයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS