ට්‍රම්ප් දියණියගේ සහාය විරෝධතාකරුවන්ට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණියන් දෙදෙනාගෙන් කෙනකු වන ටිෆනි ට්‍රම්ප්ගේ සහාය, පොලිස් අත්අඩංගුවේ සිට මියගිය ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන විරෝධතාකරුවන්ට හිමි වී ඇත.

නීති උපාධිධාරිණියක ද වන ටිෆනි සමාජ මාධය හරහා පවසා ඇත්තේ ජෝජ් ෆ්ලොයිඞ් ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවය. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද රැසක ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙයි. පොලිසිය සහ හමුදාව ඊට හරස් වෙද්දී දරුණු ගැටුම් ඇවිලෙයි.

ජෝජ් ෆ්ලොයිඞ්ගේ අමානුෂික ඝාතනය තමන් ද තරයේ හෙලා දකින බව ට්‍රම්ප් පවසා ඇත. කසේ නමුත් එම ඝාතනය හේතුවක් කර ගනිමින් මැරයන්ට සහ චණ්ඩින්ට දේපොල හානි සිදු කිරීමටත් රට අස්ථාවර කිරීමටත් තමන් ඉඩ නොදෙන බවත්, ඇමෙරිකන් වැසියන් ආරක්ෂා කිරීම තම වගකීම බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත. ජනපති ට්‍රම්ප්, විරෝධතාකරුවන් සම්බ්නධයෙන් සිදු කරන ඇතැම් ප්‍රකාශ විරෝධතා උත්සන්න වීමට හේතුවක් වී ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS