ට්‍රම්ප් උපන්දින සැමරුම් ඉන්දියාවේ



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 72 වන ජන්ම දිනය සැමරීම සඳහා ඉන්දියාවේ උත්සවයක් පවත්වා තිබේ.

ඉන්දියාවේ හින්දු සේනා (Hindu Sena) නමින් හැඳින්වෙන දක්ෂිණාංශික කණ්ඩායමක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජන්ම දිනය සැමරීම සඳහා මෙය සංවිධානය කර ඇති බව සඳහන් වෙයි.

උත්සවය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත් විය.

අදාළ උත්සවය සංවිධානය කළ හින්දු සේනා සංවිධානයේ සභාපතිවරයා සඳහන් කළේ උතුරු කොරියානු නායකයා හමු වී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය උදාරත්වය පිළිබිඹු කළ අතරම ඔහු ජනතාවගේ ගැලවුම්කාරයා බව සනාථ කළ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුවට සමාන ලෙස නිර්මාණය කළ ආකෘතියකට කේක් සංග්‍රහ කරමින් මෙහිදී  ජනාධිපතිවරයාගේ ජන්ම දිනය සමරනු ලැබීය.

මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා සංගීතඥයෙකුගේ සහය හිමි වූ අතර ඔහු ජනාධිපතිවරයාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමින් ගායනයේ නියැලුනා.

මේ අතර මෙම සංවිධානය 2016 වසරේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය උදෙසා හින්දු ආගමික යාඥාවක ද නියැලී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

( තිළිණි දසිල්වා)

ටයිම්ස් ඔෆ් ඉන්දියා


RECOMMEND POSTS