ට්‍රම්ප් උතුරු කොරියාව විවේචනය කරයි



උතුරු කොරියාවේ අත්අඩංගුවේ සිට පසුව නිදහස ලැබූ ඇමෙරිකන් ශිෂ්‍යයා මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක නිම් ජොන් උන් සහ එරටට රජයට දොස් නගා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
නිදහස ලැබීමෙන් පසු, සිහිසුන් වී, කෝමා තත්ත්වයකට පත්වුණු ඔටෝ වොම්බියර් 22 හැවිරිදි වියෙහි පසුවිය.

පසුගිය 13 වැනිදා උතුරු කොරියානු රජය මොහුට නිදහස ලබා දුන් අතර, වොම්බියර් යළි ඇමෙරිකාවේ සින්සිනාටිහි සිය නිවසට පැමිණ ඇත. තම පුතා හිටිහැටියේ සිහිසුන් තත්ත්වයකට පත්වුණු බවත්, කඩිනමින් රෝහල් ගත කළ ද ඔහුගේ දිවි බේරා ගැනීමට නොහැකි වුණු බවත් වොම්බියර්ගේ මව වැළපෙමින් කියා සිටී.

මොහු උතුරු කොරියානු සංචාරයක් අතරතුරේ උතුරු කොරියානු කොමියුනිස්ට් රජයේ ප්‍රචාරක සලකුණක් සොරකම් කළේ යැයි චෝදනා එල්ල වීමෙන් අත්අඩංගුවට ගැණුනු බව වාර්තා විය.

(රොයිටර්)


RECOMMEND POSTS