ට්විටර් පණිවුඩවලින් ලෝක වාර්තාවක්



එක් දිනකදී ට්විටර් පණිවුඩ 125 ක් ප්‍රසිද්ධියට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වාර්තාවක් තබා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

කිසිදු බාධාවකින් තොරව, නිල වශයෙන් තම අදහස් ලොවට කීමට, ලෝක නායකයෝ බොහෝ දෙනකු අද ට්විටර් සමාජ ජාලය භාවිතයට ගනී. ඒ අතරින් ඉදිරියෙන් සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

මීට පෙර, වැඩිම ට්විටර් පණිවුඩ ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කළ පුද්ගලයා බවට වාර්තා අතරේ සිටියේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඒ, ට්විටර් පණිවුඩ 123 ක් ප්‍රසිද්ධ කරමිණි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS