ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස මෝදි තෝරයි



ඇමෙරිකාවේ ප්‍රකට ටයිම් සඟරාව විසින් ඊයේ (05)  2016 වසරේ පුද්ගලයා ලෙසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පාඨක ඡන්දයෙන් තෝරා ගන්නා ලදී.

ලොව පුරා දේශපාලන ,සමාජ හා ආර්ථින හෝ වෙනත් පෙරැළි සිදු කළ පුද්ගලයින් අතුරෙන් අන්තර්ජාලය ඔස්සේ වසරේ පුද්ගලයා තෝරා ගැනීම ටයිම් සඟරාව විසින් පසුගිය දිනවලදී සිදු කෙරැණු අතර .එලෙස අන්තර්ජාලය ඔස්සේ කැමැත්ත  ප්‍රකාශ කිරීම ඊයේ (04) රාත්‍රිෙයන් අවසන් වූ අතර ඒ අනුව මේ වසරේ ලොව ප්‍රබල චරිත වූ ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ,වත්මන් ජනපති බැරැක් ඔබාමා .විකිලීස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලැබුණු සියයට 7 ජනතා කැමැත්ත පරදවමින් නරේන්ද්‍ර මෝදි වසරේ පුද්ගලයා ලෙසින් තේරී පත් වන්නේ සියයට 18ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

ඉන්දීය අග්‍රමාත්‍යවරයා මීට පෙර ටයිම් සඟරාවේ  2014 වසරේ දී ත් වසරේ පුද්ගලයා ලෙසින් තේරී පත් විණි.2015 වසරේ පුද්ගලයා ලෙසින් තේරී පත් වූයේ ජර්මන් චාන්ස්ලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල් මහත්මියයි.

මේ වසරේ ලොවට වැඩිම බලපෑමක් කළ පුද්ගලයින් ලෙස ගැනෙන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට සහ ඇමෙරිකා හිටපු රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මියටද සියයට 4 කට ආසන්න ජනතා කැමැත්තකි.

මීට අමතරව ඇමෙරිකා රහස් ඔත්තු සේවයේ ප්‍රධානී ජේම්ස් කොමේ ,ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් ,උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන් ,බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය තෙරේසා මේ ,චීන ජනාධිපති සී ජින් පින්ග් ඇතුළු පිරිසක් වසරේ පුද්ගලයා වීමට තරඟ වැදී සිටියහ.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.......


RECOMMEND POSTS