ජෝ බයිඩන් ජනපති ලෙස පිළිගන්නේ නෑ



ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් පිළිගැනීමට නොහැකි බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

රුසියන් ජනාධිපතවරයා මෙසේ පවසා ඇත්තේ එරට ජාතික රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වූ බව පැවැසෙන්නේ, පසුගිය 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ලබා ගත යුතු නියමිත ඡන්ද ලබා ගැනීම නිසාය.

ඡන්ද වංචා සහ අක්‍රමිකතා සිදුවුණු බව පෙන්වා දෙමින්, බයිඩන්ගේ ජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ට්‍රම්ප් ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කර තිබේ. විමර්ශන සහ නඩු විභාග පැවැත්වෙන බැවින්, ඇමෙරිකන් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා නිල වශයෙන් නිවේදනය කර නොමැත.

ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට නොහැකි බව රුසියන් ජනාධිපතිවරයා පවසන්නේ මේ හේතුව නිසාය. කෙසේ නමුත් තමන් ඕනෑම ඇමෙරිකන් ජනාධිපතිවරයකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ද පුටින් අවධාරණය කර තිබේ.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS