ජිමී කාටර් රෝහලේ



මොළය අභ්‍යන්තරයේ සිදුවුණු රුධිර වහනයක් හේතුවෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජිමී කාටර් රෝහල් ගත කර ඇතැයි ඇමෙරිකා පුවත් සේවා වාර්තා කරයි.

95 හැවිරිදි ජිමී කාටර් ඇතුළත් කෙරුණේ එම්රෝයි ශික්ෂණ රෝහලටය. මොළයෙ අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවී ඇත්තේ, ලිස්සා ඇද වැටී හිසට තුවාල වීමෙනි.

පසුගිය කාලය පුරාවට ජිමී කාටර් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි. ඔහු චර්ම පිළිකාවකින් ද පීඩා විඳින බව ඇමෙරිකන් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS