ජයලලිතාගේ මරණය කුමන්ත්‍රණයක් නොවේ. ප්‍රතිකාර කළ වෛද්‍යවරු කියති



තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය පසුපස කුමන්ත්‍රණයක් නොමැති බවත්, ඇය මියගියේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් නිසා සහ හෘදයාබාධයකට ලක්වීමෙන් බවත් ඇගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කරමින් චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ වෛද්‍යවරු මාධ්‍ය හමුවකට එක්වූහ.

ස්වසන ආබාධයක් හේතුවෙන් ඇපලෝ රෝහලට ඇතුළත් කළ ජයලලිතා මාස දෙකකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය. ඇය දෙසැම්බර් 5 වැනිදා අවසන් සුසුම් හෙළුවේ හෘදයාබාධයකට ලක්වීමෙන් යැයි පැවැසුණි. 

අවසන් දිනය වනතුරුම වෛද්‍යවරුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ජයලලිතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් කැමැති ඕනෑම වේලාවක ‘ටිකට් කපා ගෙන’ රෝහලේ පිටවී යෑමට හැකි බවත්ය.

ජයලලිතා අභාවප්‍රාප්ත වෙද්දී ඇගේ මරණය සැක සහිත යැයි ජයලලිතාගේ මරණය සැක සහිත යැයි ජයලලිතාගේ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන්ට චෝදනා කර සිටිති. ජයලලතාගේ දේහය ගොඩගෙන පරීක්ෂණ කළ යුතු යැයි ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසා ඇත්තේ ජයලලිතා ජයරාම්ගේ රෝහල් බිල ඉන්දීය රුපියල් කෝටි 5 ට වැඩි බවය. ජයලලිතාට ප්‍රතිකාර ලබාදීමට බි්‍රතාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වූ බව ද ඇපලෝ වෛද්‍යවරුන් මෙහෙදී තහවුරු කළ බව ද වාර්තා වේ.

 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS