ජයලලිතාගේ දේපළ ඥාති දියණියට‍



අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ දේපොල ඇගේ ඥාති දියණිය වන දීපා මාධවන්ට සහ සොහොයුරු දීපක්ට ලබා දීමට මදුරාසි අධිකරණය තීන්දු කර තිබේ.

දිගු කාලයක් තිස‍්සේ තමිල්නාඩු මහ ඇමැති ධුරය හෙබවූ ජයලලිතා ජයරාම් මියගියේ 2016 දෙසැම්බර් පස් වැනිදාය. අවසන් කාලයේ ඇය දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගතව සිටියාය.

මහ ඇමැතිනියට හිමි මහා ධනස්කන්ධය හිමි වූ දීපා මාධ්‍යවේදීනියකි. මැය ජයලලිතාගේ වැඩිමල් සොහොයුරියගේ දියණියයි.

දීපා මාධවන් මදුරාසි සරසවියන් සහ මධුරෙයි විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය සම්බන්දයෙන් මූලික සහ පශ්චාත් උපාධි ලබා ඇති අතර, වේල්සයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් දර්ශනපති උපාධියක් හිමි අයෙකි.

ජයලලිතා සතුව කිලෝ 21 කට වැඩි රත්තරන් පමණක් නොව, ඉන්දීය රුපියල් ලක්ෂයකට‍ වැඩි චංචල සහ නිශ්චල දේපොල ද පැවැතිණි. මදුරාසි අධිකරණය තීන්දු කළේ චෙන්නායි නුවර ජයලලිතාගේ පොයෙස් ගාඩ්න් මන්දිරය සහ අක්කර 1000 ක වතුයාය සහ හයිද්‍රාබාද්හි මිදි වත්ත දීපා මාධවන්ට හිමිවන බවය.

චෙන්නායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS