ජපන් නළුවෙකුත් කොරෝනා වලට බිලි !



ජපන්  හාස්‍යෝත්පාදක  රංගන ශිල්පියෙකු වන කෙන් ෂිමොරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. 

වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 20 වනදා සිට ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

1970 වසරේ සිට විකට රංගන ශිල්පියෙකු ලෙස වසර 40 කට අධික කාලයක් කටයුතු කර ඇති ඔහු මියයන විට 70 වන වියේ පසු විය.

( තිළිණි ද සිල්වා )

ගාඩියන් ඇසුරෙනි


RECOMMEND POSTS