ජනපති මොරාලේස් ඉදිරියට



ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියාවේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, එයින් ඉදිරියට පැමිණීමට ජනාධිපති ඊවෝ මොරාලේස්ට හැකියාව ලැබුණි.

මැතිවරණයට අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. බොලිවියා මැතිවරණ කොමිසම නිවේදනය කළ අන්දමට, මොරාලේස්ට සියයට 45.3 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණු අතර, මෙරාලේස්ගේ ප්‍රතිවාදියා කාර්ලෝස් මෙසා ට සියයට 38.2 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය. බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වුණු බැවින් ලබන දෙසැම්බරයේ ජනපතිවරණයේ දෙවැනි වරට මොවුන් දෙදෙනා අතරේ යළි පැවැත්වෙයි.

66 හැවිරිදි, කර්ලොස් මෙසා ඉතිහාසඥයෙකි. උප ජනපති ධුරයේ කටයුතු කළ මෙසා, 2003 දී ජනපති ධුරයට පත් විය. 2005 දී මෙසාට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ජනතා විරෝධතා හමුවේය. 

මෙසා ධුරයෙන් ඉවත් කිරීමට ජනතාව පෙළ ගැස්වූයේ ඊවෝ මොරාලේස්ය. ඒ වනවිට මොරාලේස්, කොකෝවා වගාකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළේය. 59 හැවිරිදි මොරාලේස් බොලිවියාවේ ස්වදේශික වැසියෙකි.

සුක්රේ (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS