ජනපති ආර්යා බාබරා බුෂ් සමුගනී



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ මෙන්ම, පුතු හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ මව ද වන බාබරා බුෂ් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (18) වාර්තා කළේය.

හිටපු ජනපති ආර්යාව බාබරා බුෂ්ගේ වයස අවුරුදු 92 ක් විය. බාබාරා බුෂ් ඇමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයාගේ බිරිය මෙන්ම 43 වැනි ජනාධිපතිවරයාගේ මව ද වෙයි.

බාබරා බුෂ් ජනපති ආර්යාව ලෙස කටයුතු කළේ 1989 වසරේ සිට 1993 දක්වා කාලයේය. ඇය සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින දක්ෂ නීතීඥවරියක වූවාය.

පසුගිය මාස කිහිපයේ බාබරා අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවුණු බව වාර්තා වේ. බාබරා බුෂ්ගේ අභාවය සැළවීමත් සමඟ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ශෝඛ පණිවුඩයක් නිකුත් කළේය. ‘ඇය පවුල වෙනුවෙන් සහ රට වෙනුවෙන් කැප වුණු තැනැත්තියක්. ඇය කළ මෙහෙවර සුළුපටු නැහැ. ඇය සදා අමරණීයයි’ යැයි එම පණිවුඩයෙහි සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS