ජනතාවට සමීප වෙන්න ‘ට්විටර්’ ඕනෑ නෑ



ජනතාවට සමීප වෙන්න රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ‘ට්විටර්’ වැනි සමාජ ජාල භාවිත නොකරන බවත්, රුසියානු ජනාධිපතිවරයාට ස්මාර්ට් ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් පවා නොමැති බවත් ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත.

ක්‍රෙම්ලීන් ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා ස්මාර් ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් භාවිතා නොකරන්නේ ඔහුගේ පූර්ණ විනිවිදභාවය රටවැසියන් දැනගත යුතු නිසා යැයි ද දිමිත්‍රි පෙස්කෝව් පැහැදිලි කරයි.

වර්තමානයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආදී ලොව ප්‍රබල නායකයන් බොහෝ දෙනකු ජනතාව අතර ජනප්‍රිය වී සිටින්නේ ඔවුන්ගේ ‘ට්විටර්’ සමාජ ජාල ගිණුම් ඔස්සේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ තීන්දු තීරණ ආදී සියල්ල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනු ලබයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS