ජනතාව හාමතේ: ජනපති ගුවන් යානයක් අරන්



රට ණය බරින් මිරිකී, කුසට අහරක් නැතිව ජනතාව පීඩා විඳිමින් සිටිද්දී, මොසැම්බික් රාජ්‍යයේ ජනපති පිලීප් නයිසුයි, පවුම් මිලියන 7 ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයක් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

මොසැම්බික් යනු අප්‍රිකානු රාජ්‍යයකි. විදෙස් පුවත් පෙන්වා දෙන අන්දමට ජනපතිවරයා මෙම සුඛෝපබෝගී ගුවන් යානය මිලදී ගෙන ඇත්තේ එක්සත් රාජධානියෙනි. ඒ සඳහා ඔහු මොසැම්බික් මහ බැංකුවෙන් ණය ලබා ගෙන ඇති බව ද පැවැසෙයි.

මීට පෙර ද ජනපතිවරයා මේ අයුන් පවුම් බිලියක 1.5 ක ණය මුදලක් ලබා ගෙන ඇති බව ද පැවැසෙයි.

මොසැම්බික් රාජ්‍යයට රාජ්‍ය නොවන යුරෝපා සංගමයට අයත් රටවලින් මිලියන ගණනින් මුදලින් ආධාර ලැබෙයි. ඒ, එරට ජනතාව වෙනුවෙන් යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් ලැබෙන මුදලින් වැඩි ප්‍රමාණයක් ජනතාවට නොව ජනපතිවරයා වෙනුවෙන් යෙදවෙන බවට චෝදනා එල්ල වෙමින් පවතී.

පසුගිය වසරේ ධීවර බෝට්ටු ලබා දීම වෙනුවෙන් මිලියන ගණනක ආධාර මොසැම්බික් රජයට හිමිවිය. එම මුදලින් ප්‍රංශ රජයෙන් රජය මිලදී ගෙන ඇත්තේ ධීවර බෝට්ටු නොව නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාය.

(රොයිටර්)


RECOMMEND POSTS