ජගත් මූල්‍ය අරමුදලෙන් පැසැසුම්



කිසිදු එන්නතක් නොමැතිව, වියට්නාමය, චීනය ඇතුළු ආසියා රටවල් ‘කොවිඞ් 19’ වයිරසය හමුවේ අඩපණ වූ ආර්ථිකය යළි ගොඩ ගැනීමට සමත් වී සිටීම ප්‍රසංශනීය යැයි එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල හෙවත් ‘අයි.එම්.එෆ්.’ සංවිධානය කියයි.

පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා වාර්තා වූ දිනයේ පටන්, වියට්නාම් රජය, සෞඛ්‍ය බලධාරීන් එක් වී, හමුදාවේ ද සහාය ඇතිව වයිරස ව්‍යාප්තිය පාලනය කරගෙන තිබේ.

අද වනවිට වියට්නාමයෙන් වාර්තා වන්නේ ආසාදිතයන් 1,556 කි. මරණ වාර්තා වන්නේ 6 ක් පමණි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූ චීනය අද ඉතා සාර්ථක අන්දමට වයිරසය මර්දනය කර ඇති අතර, ආර්ථිකය ද ඉහළ දමා ගැනීමට සමත් වී සිටී.

අද විටින් විට චීනයේ පළාත් කීපයකින් සහ නගර කීපයකින් වාර්තා වන නමුත් සමස්තයක් වශයෙන් ගත් කළ වයිරසය මුළුමනින්ම පාහේ පාලනය කරගෙන ඇතැයි පැවැසෙයි.

චීනයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 87,536 ක් බවත් මරණ 1,500 ක් බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.


RECOMMEND POSTS