චර්චිල් උපන් ගෙදර රන් වැසිකිලිය සොරාගෙන



එංගලන්තයේ බ්ලෙන්හිම් මාලිගයේ තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන පහකට අධික වටිනාකමින් යුත් රනින් නිම කරන ලද වැසිකිළියක් සොරා ගැනීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එම මාලිගයේ තිබූ චිත්‍ර ප්‍රදර්ශනයක් අතර තුර මෙම සොරකරම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකු වන ශ්‍රීමත් වින්සන්ට් චර්චිල්ගේ උපන් ස්ථානය වන බ්ලෙන්හිම් මාලිගයේ තිබු මෙම වැසිකිලිය ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු වන මොරිසියෝ කැටලෙන් විසින් නිර්මාණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතත් අදාළ වැසිකිළිය සොයාගැනීමට හැකිව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.

RECOMMEND POSTS