ගෝලීය උණුසුම පාලනය කරන්න



පැරිස් දේශගුණික සම්මුතිය බලාත්මකව පවත්වාගෙන යාම උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට පෝලන්තයේ පැවති කෝප් 24 සමුළුවේදී ලොව රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් අවසන් එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අවසන් මොහොතේ පාර්ශවකරුවන් සමග ඇති කරගත් එකඟතාවක් අනුවය.

නව නීති මගින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කපා හැරීමට රටවල් ලබාදුන් පොරොන්දු තවදුරටත් රකිනු ඇතැයි එක්සත් ජාතින්ගේ නියෝජිතයින් සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක දෙකකට අඩු අගයකින් පවත්වාගෙන යාම සඳහා පැරිස් දේශගුණික සමුළුවේදී ඇතිකරගත් ඉලක්ක, පෝලන්ත ගිවිසුමෙන් යථාර්ථයක් කරගත හැකි වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විවිධ දේශපාලන මත මෙන්ම විවිධ අදහස් දරන ලොව රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් ඇතිකර ගත් මෙම ගිවිසුම ගෝලීය පරිසර සංරක්ෂණය වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් වනු ඇති බවයි

(රොයිටර්ස්)


RECOMMEND POSTS