ගොඩනැගිල්ල කඩා වැටී දරුවෝ මරුට



නයිජීරියාවේ වාණිජ අගනුවර වන ලාගෝස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දරුවන් සිය ගණනක් මියගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය පිරිස අතර දරුවන් සියයකට වැඩි පිරිසක් සිටින බව ද පැවසේ. ලාගෝස් නුවර ඊයේ  (13) සිදු වූ මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව කොපමණදැයි මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැත.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අනතුරුව දහස් ගණනක් එම ස්ථානයට එක්රැස් වූ බව ද ඔවුන් බොහෝ දෙනා කෝපයෙන් පසු වූ බව ද වාර්තා විය. ඒ මධ්‍යයේ වුවත් සහන සේවකයන්, පොලිසිය, ගිලන් රථ, රතු කුරුස සංවිධානයෙන් සේවකයන් ඔවුන්ගේ රාජකාරීවල නිරත වූ බව ද වාර්තා විය. 

කඩා වැටී ඇත්තේ ලාගෝස් නුවර පිහිටි ප්‍රාථමික පාසලක සිවු මහල් ගොඩනැගිල්ලක් බවත් එම අවස්ථාවේදී සිසුන් 100ක් පමණ පාසලේ සිටි බවත් දැනට දැනගන්නට ලැබී තිබේ. කෙසේ නමුත් ඊයේ  (13) පස්වරුව වනවිටත් මුදා ගැනීමට හැකිව තිබුණේ මළසිරුරු අටක් පමණි. 

රොයිටර් ඇසුරිනි 


RECOMMEND POSTS