ගගනගාමීහු නූලෙන් බේරෙති



ඇමෙරිකන් නාසා ආයතනයේ සහ රුසියානු අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන පෘථිවි කක්ෂයේ රඳවා ඇති, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පියාසර කරන්න වූ රුසියානු සෝයූස් රොකට්ටුවේ දෝෂයක් හටගත්තේය.

දෝෂයත් සමඟ සෝයූස් එම්.එස්. 10 රොකට්ටුවට සම්බන්ධ වුණු සෝයූස් කැප්සියුලය රොකට්ටුවෙන් වෙන්කර, යළි පෘථිවියට පැමිණීමට ගගනගාමීහු දෙදෙනා කටයුතු කළහ. එසේ නොකළා නම්, කැප්සියුලය විනාශ වීමේ අවදානමක් පැවැති බව ද වාර්තා වේ.

පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය කසක්ස්ථානයේ ස්ටෙප් තණ බිම්වලට පතිත කෙරුණු අතර, ගගනගාමීන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුවූයේ නැත. අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගමන් කරමින් සිටියේ ඇමෙරිකන් ගගනගාමී ටයිලර් හේග් සහ රුසියානු අජටාකාශගාමී ඇලෙක්සි ඔවෙන්චින් යන දෙදෙනාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS