ගගනගාමීහු තිදෙනා ආපසු එති



 

දින 196 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැදී සිටි ඇමෙරිකන් ගගනගාමී ක්‍රිස් කැසඩි සහ රුසියන් ගගනගාමීන් දෙදෙනා වන ඇනටෝල් ඉවැනිෂින් සහ ඉවාන් වොග්නර් රුසියාවේ සෝයූස් ගගන කැප්සියුලයේ ආධාරයෙන් පෘථිවියට පැමිණියහ.

සෝයූස් ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට ඇතුළු වී පහළට ඇදී ආවේ පැරෂූට් ආධාරයෙනි. නිරුපද්‍රිතව, කසක්ස්තානයේ ස්ටෙප් තණ බිමට ෂටලය පහත් කෙරුණු අතර, ගගනගාමීන් පැමිණෙන තුරු රුසියන් අභ්‍යවකාශ ආයතනයේ නිලධාරීහු සහ රුසියන් සොල්දාදුවෝ සූදානමින් සිටියහ.

වෛද්‍යවරුන්ගේ පරීක්ෂණවලින් පසු ගගනගාමීන් තිදෙනා දින කීපයක නිරෝධායන කුටියකට යොමු කෙරුණු බව ද පැවැසිණි.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS