කෙටි දුර මිසයිල අත්හදා බැලීමක්



දකුණු කොරියාව ඊයේ (28) කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලුවේය. මෙම මිසයිල අත් හදා බැලීම සිදු කර ඇතැයි පැවැසෙන්නේ ජපන් මුහුද දෙසටය.

කෙටි දුර මිසයිල දෙක කිලෝ මීටර් 200 දුරකට විදීමට උතුරු කොරියානු හමුදාව සමත් වුණැයි දකුණු කොරියානු හමුදාව පවසා ඇත.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ලොවට බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක උතුරු කොරියාව මේ අයුරින් මිසයිල අත්හදා බැලීමක් කළ දෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS