කුවේටයේ ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සහතික කරන්න - ඉන්දීය විදේශ ඇමති කියයි !



කුවේටයේ හෙදියක ලෙසින් කටයුතු කළ ඉන්දීය ජාතික කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ පිහි ඇනුමකින් බරපතල තුවාල සිදු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහා පරික්ෂණ පවත්වන්නැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය කුවේට් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම සිද්ධියත් සමඟ කුවේටයේ සිටින ඉන්දීය ජාතිකයින් ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියා ගන්නා ලෙසට ඉන්දීය විදේශ අමාත්‍යවරිය කුවේටයේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට උපදෙස් දී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් සමාජ ජාල ගිණුම ඔස්සේ අදහස් දක්වමින් සුෂ්මා ස්වරාජ් මහත්මිය කියා ඇත්තේ තුවේටයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් එරට වෙසෙන ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂිව වෙනුවෙන් හැකි උපරිම කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරනා බවය.

මෙලෙස කුවේටයේ අගනුවර වූ කුවේටි සිටි හි සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලබා ඇත්තේ අල් ජහ්රා රෝහලේ හෙදියක වශයෙන් සේවය කරන ගෝපිකා ෂාජිකුමාර් නැමැති ඉන්දීය කාන්තාවකි.ඇය  කේරළයේ කොට්ටායම් හි පදිංචි.ඇය මේ වන විට කුවේටයේ ෆර්වානියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS