කැනඩා වැසියෝ කංසා ගන්න පෝලිමේ



කැනඩාවේ කංසා අලෙවිය සහ බෙදා හැරීම 16 දා සිට නීතිගත කෙරුණි. කංසා අලෙවිය සහ බෙදා හැරීම මෙසේ නීතිගත කළ දෙවැනි රට කැනඩාවය.

කංසා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කළ පළමු රට ලතින් ඇමෙරිකාවට අයත් උරුගුවේ රාජ්‍යයයි. කෙසේ නමුත් වෛද්‍යමය සහ ප‍්‍රතිකාර සඳහා කංසා භාවිතයට කැනඩා රජය අවසර දී තිබුණි. ඒ, 2001 වසරේ සිටය.

15 වැනිදා මැදියම් රැය වෙද්දී කංසා අලෙවිසැල්වල දිගු පෝලිම් දකින්න ලැබුණු බව ද පැවැසෙයි.

16 වැනි දිනට මුලින්ම හිරු උදාවූයේ කැනඩාවට අයත් නැගෙනහිරින් පිහිටි නිව්ෆවුන්ඞ්ලන්ඞ් දූපතටය.

පළමුවෙන්ම කංසා මැලදී ගත් කැනඩා ජාතික යුවළ වූයේ නිකී රෝස් සහ ඉයන් පවර් යන දෙදෙනාය. ඔවුහු දෙදෙනා කංසා මිලදී ගත්තා පමණක් නොව ඡායාරූපවලට පවා පෙනී සිටියහ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS