කැනඩා අගමැති මෙක්සිකෝවේ



කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ බිරිය සෝෆි ග්‍රෙගෝරී මෙක්සිකෝවේ සංචාරයකට පැමිණියහ.

මෙක්සිකෝ ජනාධිපති මන්දිරයට පැමිණි කැනඩා අගමැතිවරයාට සහ ආර්යාවට මෙක්සිකෝ ජනාධිපති එන්රීක් පෙනා නීටෝ සහ ආර්යාව ඇන්ජෙලිකා රිවේරාගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මෙක්සිකෝව සහ කැනඩාව අතර අංශ ගණනාකින් ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙම හමුව සමත් වුණැයි ටෘඩෝ සහ පෙනා නීටෝ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

මෙක්සිකෝව සහ මෙක්සිකෝවේ අසල්වැසියා වන ඇමෙරිකාව අතර අර්බුද පවතී. ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් උත්සාහ ගන්නේ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පයක් ඉදි කිරීමටය. එම තාප්පය ඉදිකිරීමට යන වියදම

මෙක්සිකෝවෙන් අය කරන බව ද ට්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකාවේ අනෙක් අසල්වැසියා වන්නේ කැනඩාය.
ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර පවතින මෙම අර්බුදය සම්බන්ධයෙන් ද කැනඩා අගමැති ටෘඩෝ සහ මෙක්සිකෝ ජනාධිපති අතර සාකච්ඡා පැවැත්වුණු බව ද මෙක්සිකෝ පුවත් සේවා වාර්තා කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS