කැනඩා අගමැති බිරිඳ සුවයි



‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වූ කැනඩා අගමැති බිරිඳ ග්‍රෙගොරි ටෘඩෝ සවය ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

වෛද්‍යවරුන් මෙන්ම ඔටෝවා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ද පවසා ඇත්තේ අගමැති බිරිඳගේ තත්ත්වය යහපත් බවය.

නිරෝධානයටය ලක් කර තමන්ට ප්‍රතිකාර ලබා දුන් සැමට අගමැති බිරිඳ ස්තුතිය පුද කර ඇතැයි ද පැවැසෙයි.

අගමැති බිරිඳ කෝවිඞ් 19 ආසාදිතයකු බව අනාවරණය වූයේ පසුගිය මාර්තු 12 වැනිදාය. ඉන්පසු ඇය දින 14 ක් නිරෝධානයේ සිටියාය. බිරිඳ නිරෝධායනයට ලක් කෙරුණු අවස්ථාවේදී අගමැතිවරයාට ද දින 14 ක් නිරෝධායනය වීමට සිදුවිය.

(රොයිටර්)


RECOMMEND POSTS