කාර්ය මණ්ඩල ප්‍රධානියා මයික් මුල්වේනි



ධවල මන්දිරයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මයික් මුල්වේනි පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

මුල්වේනී මේ වනවිට ධවල මන්දිර මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස එම ධුරයේ කටයුතු කළේ ජෝන් කෙලීය.  ඇමෙරිකා මැරීන් සොල්දාදුවකු මෙන්ම හමුදා ජනරාල්වරයකු ද වන කෙලී පසුගිය දා නිවේදනය කළේ ලබන ජනවාරියේ සිට ඔහුගේ තනතුරින් ඉවත් වන බවය.

පුරප්පාඩු වන තනතුර වෙනුවෙන්, ට්‍රම්ප් පත් කිරීමට සූදානම් වූයේ නිව් ජර්සි ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටීය. කෙසේ නමුත් ක්‍රිස්ටී එම තනතුර බාර ගැනීමට අකමැති වූ හෙයින්, සුදුස්සකු හමුවනතුරු මයික් මුල්වේනි ධවල මන්දිර කාර්යාල ප්‍රධානියා ලෙස පත් කරන බව ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS